NEWSNOW| – බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී තිබේ.
ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ පොහොය දිනයන් ලෙස මෙම පොහොය දිනය සැලකේ.
විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකදීය.
චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ ඇත්තේද අදවන් පොහොය දිනයක වීම විශේෂත්වයක්ය.
එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
අද උදෑසන සිටම දිවයිනේ විවිධ ප්‍රදේශ වල වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත්වේ.