සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රැදවියන් බැලීමට විශේෂ අවස්ථාව

0
108

NEWSNOW| – එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ එළැඹෙන 13 සහ 14 යන දෙදින තුළදිය.

මෙම විශේෂ අවස්ථාව අනුව අප්‍රේල් 13 සහ 14 වැනි දින දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදී ලබා දීමට අවස්ථාව එම දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.

එමෙන්ම සියළු සෞඛ්‍ය   මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයත් තුළ සිදුවනු ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.