දේශබන්දු තෙන්නකෝන් මහතා ඇපමත මුදාහරී

0
21

NEWSNOW | – අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇපමත මුදාහැර තිබේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඒ මහතා අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි ඔහු පසුව මාර්’තු 19වනදා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් විය.

අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඒ මහතා අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද(10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණි.

ඒ අනුව තෙන්නකෝන් මහතා අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇත.