Home TOP ඉන්දීය අගමැති සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටව යයි
NEWSNOW | – දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පෙර දිවයිනෙන් පිටව යයි.
අද පස්වරුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.
ඒ සඳහා මෝදි මහතා අනුරාධපුර සංචාරය නිම කිරීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා පිටත්ව ගියේය.
සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
එහි සඳහන්ව ඇත්තේ තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බවය.
මෙම සංචාරයෙදී දෙරට අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති බවත් එය නිසැකවම ද්විපාර්’ශවික සබඳතාවලට ශක්තියක් එක් කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.