බලහත්කාරයෙන් ආදාහනය කිරීම හරහා අගතියට පත් පවුල්වලට සහය පල කෙරේ

0
23

NEWSNOW| –  කොවිඩ් සමයේදී බලහත්කාරයෙන් මලසිරුරු පුළුස්සා දැමීම හරහා අගතියට පත් පවුල් වෙනුවෙන් සහය දැක්වීමේ වැඩසටහනක් අද(06) පැවත් වුණි.

මෙම ශෝකජනක සිදුවී පසුගිය මාර්තු 31 වන දිනට වසර 05ක් සපිරීම නිමිත්තෙන් එම විපතට පත් පවුල්වලට සහය පල කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන අද(06) කොළඹ මැරීන් ග්‍රෑන්ඩ් ශාලාවේදී පැවැත්විණි.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දේශපාලන නායකයින්, ආගමික නායකයින්, විද්වතුන්, උලමාවරුන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අකිල ශ්‍රී ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ප්‍රධානත්වයෙන් සිවිල් සමාජ රැසක් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

උත්සවයට අදාළ ඡායාරූප පහතින්,