NEWSNOW| – තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේය.
ඔහු ඉන්දීය රජයට අයත් බෝයිං – 777 වර්ගයේ “ඉන්දියා – 01 ” දරන විශේෂ ගුවන් යානය , තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(04) රාත්‍රී 08.33 ට පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ , ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සහභාගී වීම සදහා ඉන්දීය දූත පිරිස ලෙස 60 දෙනෙකු පැමිණෙමින් සිටිති . ඔවුන් අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ද සිටීම විශේෂත්වයකි.
ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලංකා සංචාරය සදහා සහභාගී වීම සදහා පැමිණ තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටින අතර , මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින වැසි සහිත කාළගුණික තත්වය නිසා , මෙම උත්සවය එම මැදිරිය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.