ඉන්දීය අගමැති මෝඩිගේ සංචාරය නිසා වැසෙන පාරවල්

0
30

NEWSNOW | – අද(04) පස්වරුවේ දිවනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විටින් විට මාර්’ග වසා තැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකරන රථවාහන සැලැස්මට අනුව,

අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට නියමිතය.

එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්’ග වසාතැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙස දැනුම් දෙයි.

එසේම හෙට (5) දිනයේ ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්’ග අවස්ථා කිහිපයකදී වසා තැබෙන අතර
මේ නිසා සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්’ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටව යන 6වනදා පෙ.ව 7.30 ත් 10.30 අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්’ගද වරින්වර වසා තැබෙනු ඇත.

එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදුකර ගැනීම සඳහා විකල්ප මාර්’ග  භාවිතා කරන ලෙසද දැනුම් දෙයි.