Home TOP තමන් උලමා සභාවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
NEWSNOW | – කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී ඊශ්‍රායලයට එරෙහි ස්ටිකරයක් ඇලවූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තරුණයා සම්බන්ධයෙන් තමන් කිසිවිටෙකත් උලමා සභාව සමඟ සාකච්ඡා නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.
මෙම අත්අඩංගුවටගත් තරුණයා ආගමික පසුබිමෙන් බැහැරව යන අයෙකු බවත් ඔහු පුනුරුත්තාපනය කළයුතු බවටත් උලමා සභවේ නියෝජිතයින් ප්‍රකාශ කළ බව පොලිස් ප්‍රකාශකවරයා බී.බී.සී සිංහල පුවත් සේවයට පවසා තිබුණි.
අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගෙන් newsnow අප කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන් උලමා සභාවේ නියෝජිතයින් සමඟ කතා නොකළ බවයි. තමන් කියූ බවට මාධ්‍ය වල පළවන වාර්’තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් තමන් පැවසුවේ මේ සම්බන්ධයෙන් විමර්’ෂණ සිදු කරන නිලධාරීන් උලමා සභාවේ නියෝජිතයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තරුණයා ආගමික ක්‍රියාවන්ට පටහැනිව යමින් අන්තවාදී බවක් පෙනී යන බවට පෙනී යන බවයි.
කෙසේ වෙතත් පොලිස් ප්‍රකාශකවරයා BBC පුවත් සේවයට කළ ප්‍රකශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය අද(04) පුවත්පත් වෙත පවසා තිබුණි.
නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අප සමඟ පැවසුවේ මෙය තමන්ගේ ප්‍රකාශයක් නොවන බවත්, තමන් පැවසුවේ උලමා සභාවේ නියෝජිතයින් විමර්’ශන නිලධාරීන්ට පැවසූ දෙයක් පමණක් බවයි.