Home TOP බෝතල්කළ පානීය ජලයටත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්
Human hand taking mineral water from shelf in supermarket
NEWSNOW | – බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ.මේ අනුව,
මි.ලී. 500 ජල බෝතලයක් – රු. 70
ලීටර 1 ජල බෝතලයක් – රු. 100
ලීටර 1.5 ජල බෝතලයක් – රු. 130
ලීටර 2 ජල බෝතලයක් – රු. 160
ලීටර 5 ජල බෝතලයක් – රු. 350
ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
ඒ අනුව අප්‍රේල් මස 01වනදා සිට කිසිම නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, වෙළෙන්දෙකු හෝ බෙදාහරින්නෙකු විසින් මෙරට බෝතල්කළ පානීය ජලය උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම සඳහා ප්‍රදර්’ශ නය කිරීම නොකළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.