භූමදානය හා ආදාහනය වෙනත් දෘෂ්ටි කෝණයකින්

0
46

NEWSNOW| – 2019 කොවිඩ් කාලයේ පළමු වරට මුස්ලිම් දේහයක් භූම දානය නොකර බලහත්කාරයෙන් ආදාහනය කිරීම සිදු කළේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේදීය. අද( මාර්තු 31) වැනි දවසකය සිදුවූ එම සිද්ධියෙන් වෙනුවෙන් මෙම ලිපිය පල කරමු.

නීතිඥ මාස්.එල්. යුසුෆ් විසිනි,

(මෙම ලිපිය මුල් වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ 2021 ජනවාරි 18 වන දිනය. ශ්‍රී ලංකාවෙහි කෝවිඩ් නිසා මියගිය මුස්ලිම් ජාතිකයෙකු භූමදානය කිරීම තහනම් කර පළමු වරට ආදාහනය කරන ලද්දේ අද වැනි මාර්තු 31 ක් වන දිනකය)

මෙම ලිපිය භූමදානය සහ ආදාහනය පිළිබඳ මතභේදය පිළිබඳ වෙනස් දෘෂ්ටිකෝණයක් විස්තර කිරීමේ වෑයමකි. මෙම ගැටලු‍වට බොහෝ විට සම්බන්ධ වන විද්‍යාත්මක මෙන්ම මිථ්‍යා මත හෝ වර්ගවාදය පිළිබඳව ගැඹුරු යොමු කිරීම් කිසිවක් මෙය සිදු නොකරයි ඒ වෙනුවට ක්‍රමවේද යුක්තිය සහ සමාජ යුක්තිය යන විෂයයන් කෙරෙහි පමණක් මෙය අවධානය යොමු කරයි. මෙහි ‘යුක්තිය’ යන වචනය භාවිතා කර තිබුනද එය නීතිය හෝ නීති පද්ධතියට අදාල නොවේ. මහජනතාවට ඒවායේ මානසික බලපෑම තහවුරු කර ගැනීම උක්ත ක්‍ෂේත්‍ර දෙක කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණයි. එමගින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රජය පිළිබඳ සංජානනයේ ප්‍රායෝගික වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙහි ඉලක්කයයි. මෙම සාකච්ඡාව තවදුරටත් දීර්ඝ කිරීම දේශීය වශයෙන් පවතින සමාජ යුක්තියේ දැඩි ඌනතාවය නිරාවරණය කරන ජාත්‍යන්තර ප්‍රතිවිපාක ද ඇති කළ හැකිය.

මූලික තර්කය ගොඩනැගී ඇත්තේ හැටනම ලක්ෂයේ ඊනියා සිංහල ඡන්දදායක බලය සහ භික්ෂූන් වහන්සේලාගෙන් යම් කොටසකගේ ආධිපත්‍යය මතය. හැටනම ලක්ෂයේ තර්කය දෝෂ සහිත වන නමුත් එය මෙම ලිපියට අදාල නොවේ. සාමාන්‍යයෙන් රජයක් තීරණ ගන්නේ කරුණකට අදාල යෝග්‍යතා මතය. නමුත් භූමදානය හෝ ආදාහනය පිළිබඳ ගැටළුව මෙම සම්මතයට ව්‍යතිරේකයකි. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඕනෑම සාකච්ඡාමය ක්‍රියා පටිපාටියක සාධාරණත්වය අවදානමට ලක් වී ඇත්තේ මෙහිදීය. එසේ වන්නේ ඇයි? සමහර විට එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ මුරණ්ඩුකමට ගැලපෙන පරිදි අත්තනෝමතික ලෙස තීරණය කිරීමට හැකියාව ඇති අසීමිත බලය බලය ප්‍රදර්ශනය කිරීම එයට හේතුව විය හැකිය. එනමුත් එයට ගෙවිය යුතු මිලක් ඇත.

මානසික බලපෑම

අසාධාරණ තීරණ ගැනීමේ ප්‍රතිඵල අධ්‍යයනය කරන පර්යේෂකයින් මහජනතාවට එහි මානසික බලපෑම පිළිබඳව අවධාරණය කරති. අසාධාරණය සෘජුවම අත්විඳි අය මෙන්ම අන් අයට අසාධාරණය සිදුවනු කිසිත් කර කියා ගන්නට නොහැකිව බලා සිටි අයට රජය සහ එහි ඉහළ පෙළේ පරිපාලකයින් කෙරෙහි විශ්වාසය නැති වී යනු ඇත.
ක්‍රමවේද යුක්තිය සඳහා වන කොන්දේසි නිර්ණායක හයක් යටතේ හඳුනාගෙන ඇත: (1) ඒකාකාරී යෙදුම, (2) පක්ෂග්‍රාහී නොවීම, (3) නිවැරදි තොරතුරු තිබීම සහ ඒවා භාවිත කිරීම, (4) දෝෂ සහිත තීරණවලට එරෙහිව අභියාචනා කිරීමට සහ නිවැරදි කිරීමට ඇති හැකියාව (5) ආචාර ධර්මය සහ 6) නියෝජනය. (ලෙවෙන්තල් සහ වෙනත් අය, 1980).
ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉහත සඳහන් ගුණාත්මක සාධක සලකා බැලීමට රජය අපොහොසත් වීම සහ අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස අගතිගාමී වීම මිනිසුන්ගේ ගැති බව නැති කරනු ඇත. 2020 නොවැම්බර් 09 වන දින, ඩේලි මිරර් මාධ්‍ය ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ මත විමසුමක් සිදු කරන ලදි. එයට ලැබුනු ප්‍රතිචාර රජය කරන දේ සහ රජය කරන්නේය යැයි මිනිසුන් විශ්වාස කරන දෙය’ ගැන විශ්ලේෂණාත්මක වැටහීමක් ලබා දුන්නේය. වර්තමාන කෝවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා රජයට පැහැදිලි සහ ස්ථාවර ප්‍රතිපත්තියක් ඇති බව ඔබට සිතෙනවාද?’ යන ප්‍රශ්නයට මත විමසුමට සහභාගී වුවන්ගෙන් 95.2 % ක්ම පැවසුවේ නැත’ යනුවෙනි.

වෙනත් කරුණු අතර මෙම අතෘප්තියට ප්‍රධාන හේතුවක් හැටියට, අනවශ්‍ය ලෙස පුළුල් දෙස් විදෙස් උනන්දුවක් ඇති කර තිබෙන භූමදානය සහ ආදාහනය පිළිබඳ ගැටලු‍ව’ සඳහන් කළ හැකිය. තමන් බරපතල දුෂ්කරතාවයකට පත්ව ඇති බව දැන්වත් රජය වටහා ගත යුතුය. භූමදාන ගැටලු‍ව ඔවුන් හසුරුවා ඇති ළාමක ආකාරය කොහෙත්ම පිළිගත නොහැකිය.

යුක්තියට පෙන්වන ස්නායුමය සංවේදිතාවය

සාමාන්‍ය පුද්ගලයා යනු ක්‍රියා පටිපාටික යුක්තිය පිළිබඳ හෝ එය සාධාරණීකරණය කිරීමට අදාල කොන්දේසි පිළිබඳ විශාරදයෙක් නොවේ. කෙසේ වෙතත්, සාධාරණ මිනිසා තුළ සාමාන්‍ය බුද්ධියවක් පවතී. තීරණ ගැනීමේ ක්‍රියා පටිපාටි පැහැදිලි සහ යුක්ති සහගත දෙයට අනුකූල නොවන බව මිනිසුන්ට හොඳින් වැටහෙන විට, සාධාරණත්වය පිළිබඳ ස්වභාවික සහජ බුද්ධිය ක්‍රියාත්මක වේ. විද්‍යාත්මකව ඔප්පු කරන ලද කරුණු හමුවේ භූමදානය ප්‍රතික්ෂේප කරන රජයේ සනාථ නොකළ සහ විද්‍යාත්මක නොවන ස්ථාවරයේ උදාහරණය මෙවිට සැලකිල්ලට ගත යුතු කාරනාවකි. තීරණ ගැනීමේ ක්‍රියා පටිපාටි අසාධාරණ යැයි මිනිසුන් වටහා ගන්නා විට, පරිපාලනයට පෙන්වන කැපවීම අඩු වන බවද පරිපාලනය වෙනුවෙන් ස්වේච්ඡා කටයුතුවල යෙදීමට ඇති කැමැත්ත හීන වන බවද අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත (කොල්කිට්, 2001).

ජර්නල් ඔෆ් නියුරෝසයන්ස් සගරාවියුක්තියේ සංවේදීතාවය ස්නායුක ප්‍රතිචාරය පුරෝකථනය කිරීම’ මත සිදු කරන ලද අධ්‍යයනයක් ගැන 2014 මාර්තු 19 ප්‍රකාශයෙහි මෙසේ සඳහන් කළේය. “සදාචාරය යනු මානව සංස්කෘතිවල මූලික අංගයක් වෙයි. යුක්තිය, සාධාරණත්වය සහ අයිතිවාසිකම් වැනි සංකල්ප ඇතුළුව මිනිසුන් එකිනෙකාට සැලකිය යුතු ආකාරය පිළිබඳ නියම කරන ලද සම්මතයන් ලෙස මෙය අර්ථ කථනය කර ඇත. යුක්තියේ සංවේදීතාවයේ පුද්ගල වෙනස්කම් සදාචාරාත්මක විනිශ්චය සහ මානසික-තත්ව තර්කනයට සම්බන්ධ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන්ට සහාය වන ස්නායු ගණනය කිරීම්වලට බලපාන ආකාරය පිළිබඳ වැදගත් දැනුමක් මෙම අධ්‍යයනය ලබා දෙයි’‍ (කීත් J යෝඩර් සහ ජීන් ඩෙසෙටි).

වෘත්තිකයන් සහ බලධාරීන් විසින් තමන්ව ගොනාට අන්දා ඇති බව ජනතාව දැනගන්නා විට, රැල්ල පැහැදිලිවම ඔවුන්ට එරෙහිව හැරෙනු ඇත. 2020 දෙසැම්බර් 12 වන දින එම පුවත්පත වන ඩේලි මිරර් විසින්ම පවත්වන ලද වෙබ් මත විමසුමකින් මෙම කරුණ සනාථ වෙයි. කෝවිඩි නිසා මියගියවුන් සීමාවන් සහිතව භූමදානය කිරීමට අවසර දීමට පක්ෂව 81.9% ක අති විශාල ඡන්දයක් පළ විය. භූමදානයට එරෙහි ප්‍රතිශතයද කලින් පැවති එකඟ නොවීමේ මට්ටමට වඩා අඩු වු බව පෙනී ගියේය. කොවිඩ් 19 ආසාදිත මරණ භූමදානය කිරීම සෞඛ්‍ය කෝණයෙන් අනුරුදායක ක්‍රමයක් නොවන බවට නව සාක්ෂි තිබීම මෙම අඩුවීමට හේතු විය හැකිය.

දේශපාලනයේ සමාජ සාධාරණත්වය
සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටළු සාමාන්‍යයෙන් සදාචාරාත්මක ගැටළු ලෙස සැලකේ. උදාහරණයකට, යම් සමාජයක යමෙකුට අසාධාරණ ලෙස සලකනු ලැබුවහොත්, මිනිසුන් සාමාන්‍යයෙන් එය සදාචාරාත්මකව වැරදි ලෙස සලකන බව පර්යේෂණවලින් හෙළි වී ඇත. සන්නිවේදන මනෝවිද්‍යාව මහාචාර්ය ටෝබියස් රොත්මන්ඩ් මෙසේ සඳහන් කරයි:ිසමාජ යුක්තිය රඳා පවතින්නේ පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල මූලික අයිතිවාසිකම්, නිදහස සහ හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන තීරණ පාලනය කරන ක්‍රියා පටිපාටි, සම්මතයන් සහ නීති මතය’ (දේශපාලන චින්තන සමාජ යුක්තියේ මනෝවිද්‍යාව).
ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඒකාකාරී නොවීම, පක්‍ෂග්‍රාහීත්වය, සාවද්‍ය තොරතුරු, වැරදි තීරණ නිවැරදි නොකිරීම, ආචාර ධර්ම නොමැතිකම යන සියල්ල ක්‍රියා පටිපාටික සාධාරණත්වයන්හි සම්මතය සමඟ සෘජුවම ඇති වන ගැටුම සංකේතවත් කරන බව ලෙවෙන්තාල්ගේ අධ්‍යයනයකින් පෙනී ගොස් ඇත. භූමදාන ගැටළුව මෙය විශ්ලේෂනය කිරීම සඳහා වන කදිම විෂයයකි. මන්ද යත් ක්‍රියා පටිපාටික යුක්තිය සහ සමාජ යුක්තිය ප්‍රතික්ෂේප කරන ඉහත සඳහන් සියලුමිඅමුද්‍රව්‍ය’ එහි අඩංගු වන හෙයිනි ඒවා මිනිසුන් තුළ සදාචාරාත්මක විනිශ්චය සහ යුක්තිය පිළිබඳ හැඟීම කෙරෙහි ස්නායු සංවේදීතාවයට මානසිකව බලපායි.

2021 ජනවාරි 18 වන දින ඩේලි මිරර් මාධ්‍ය ආයතනය විසින් පවත්වන ලද වෙබ් මත විමසුමකින් මෙම විශ්ලේෂණය අවධාරණය කෙරින. එවිට රජය පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඉල්ලා සිටින ලදී:
1). පළාත් සභා ඡන්ද පැවැත්වීම – 0.3%
2) සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම –1.1%
3) සංක්‍රමණික ශ්‍රමිකයන්ව ඔවුන්ගේ රටවලට ආපසු යැවීම – 2.8%
4) කෝවිඩ් එන්නත ලබා ගැනීම – 8.2%
5) භූමදාන / ආදාහන ආරවුලට විසඳුමක් ලබා ඳීම – 87.6%
භූමදාන / ආදාහන පළහිල්ලව්වට විසඳුමක් ලබා දිය යුතු බව විශාල බහුතරයක් (87.6%) අදහස් පළ කර තිබුනි. මෙය ක්‍රියා පටිපාටික සහ සමාජ සාධාරණත්වය කෙතරම් වැදගත්ද යන්න සහ ඒවා ජනතාවගේ චින්තනයට මානසිකව බලපාන ආකාරය පිළිබඳ වැටහීමක් ලබා දෙයි. එහි ප්‍රතිවිපාකය ලෙස නොබෝ කලකින්ම ඇති වුනු තත්වය නම් සෙමෙන් සෙමෙන් සිදු වු පාක්‍ෂික කාන්දුවක් නිසා හැට නව ලක්‍ෂයේ සුඛෝපභෝගී නෞකාව’ සම්පුර්ණයෙන්ම වාගේ හිස් වන බව ජනාධිපතිවරයා, අගමැති සහ රජයට පෙනී යාමයි.

පුම්බන ලද විකාර මතය

මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ජනතාව අත්විඳින ආගමික-සංස්කෘතික සහ ජනවාර්ගික කම්පනය පාලන තන්ත්‍රයේ ප්‍රබල මුලපිරීම් කෙරෙහි පවා බලපෑම් අති කරනු වැළැක්විය නොහැකිය. එනිසා කෝවිඩ් නිසා අභාවයට යන්නන් භූමදානය කිරීම මිනිසුන්ට අනතුරු සහගතය යැයි පතුරවනු ලබන විකාර අදහස නවතා දැමීම යෙහෙකි. මෙම බොරුව තවදුරටත් පවත්වා ගත යාමට නොහැක. රජය නියමිත වේලාවට ක්‍රියා නොකරන්නේ නම්, සාධාරණ සහ යුක්ති සහගත විය යුතු දේ කෙරෙහි ජනතාවගේ මානසික සංවේදීතාව මත පදනම්ව හැට නව ලක්ෂ ක්‍රමයෙන් දියාරු වී යනු ඇත.

මෙම සන්දර්භය තුළ, කොවිඩ් ආසාදනය නිසා මළවුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූල ආරක්ෂක පියවර සහිතව භූමදාන කිරීමට අවසර දිය යුතුය. එමෙන්ම එසේ මිය යන පුද්ගලයාගේ හෝ පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත පරිදි, එය ආදාහනය කිරීමට කැමති නම් එයටද අවසර දිය යුතුය.

පාංශුකුලය

භූමදානය හෝ ආදාහනය වේවා, සෞඛ්‍ය මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් අවමගුලට අදාල ආගමික වත්පිළිවෙත් පැවැත්වීමටද රජය ඉඩ දිය යුතුය. බෞද්ධයින්ට තම මියගිය හිතාදරයන් වෙනුවෙන් ඔවුන්ගේ පාංශුකුල සහ එවැනි අනෙකුත් චාරිත්‍ර පැවැත්වීමට අවසර දිය යුත්තා සේම අනෙකුත් සියලු‍ම ආගම් විෂයයෙහි -පදනම් විරහිත සහ අවිද්‍යාත්මක තර්ක පසෙකලා- අදාල ආගමික වත්වත් සඳහා ඉඩ දි යුතුය. අත්‍යන්තයෙහි විද්‍යාත්මක මත පිළිගනිමින් බොරු වෙනුවට සත්‍යය ප්‍රතිස්ථාපනය කිරීමෙන් වැළකෙන්නට කිසිසේත් නොහැකිය. ජීවත්ව සිටින පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහතික කිරීමේ මාර්ගය විය යුත්තේ මෙයයි. තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ නොහැකි මියගිය පුද්ගලයාගේ ගෞරවය ආරක්ෂා කිරීමට සහ ගරු කිරීමට තිබෙන එකම මාර්ගයද එයයි.

හැට නව ලක්‍ෂය සහ අතළොස්සක් භික්ෂූන්ගේ මනාපය අහිමි වේදෝය යන බියෙන් මෙම අයිතිය දිගටම ප්‍රතික්ෂේප කිරීමේ වරදට විශාල මිලක් ගෙවන්නට රජයට සිදු වනු නියතය. පෙර සඳහන් කළ පරිදි, වැඩි වැඩියෙන් මිනිසුන් සත්‍යය දැකීමට පටන් ගන්නා විට මෙම 69 ලක්‍ෂයේ ඡන්ද පදනම ක්‍රමයෙන් බිඳ වැටෙනු ඇත. මන්ද විද්‍යාත්මක සාක්ෂි තිබීම සහ භූමදානය සඳහා ඔවුන්ගේ සහාය පළ කරන විශේෂඥයින් සමඟ ක්‍රමක්‍රමයෙන් පරිණාමය වෙමින් පවතින වෙනසක් දැන් දැකිය හැකි හෙයිනි.

ක්‍රියා පටිපාටික යුක්තිය සඳහා වන නිර්ණායක දේශපාලන බලධාරීන් සපුරාලන බව දකින තරමට, ඔවුන් විශ්වාසදායක, නීත්‍යානුකූල සහ නායකත්වය දීමට හිමිකම් ඇති අය ලෙස මිනිසුන් විශ්වාස කරනු ඇත. රජයේ සිටින්නන් විධායක ජනාධිපතිවරයාගෙන් ස්ථිර විධායක තීරණයක් ගෙන භූමදානය කිරීමට අවසර දිය යුතුය යැයි බල කිරීමට දැන් හොඳටම කාලයයි. එවැනි ස්ථිර තීරණයක් නිසැකයෙන්ම හැට නව ලක්‍ෂයේ ගෞරවයද දිනා ගනු ඇත.

හැට නව ලක්‍ෂ්‍ය අතර සිටින සාමාන්‍ය හා සාධාරණව සිතන මිනිසා පවා රීතීන් සහ ක්‍රමවේදයන් යුක්තිසහගතද යැයි බැලීමට ඒවා ඔහුගේම මට්ටමින් ඇගයීමට ලක් කරනු ඇත. මන්ද හැට නව ලක්‍ෂයේ අති බහුතරයක්ම මෝඩයන් නොවන හෙයිනි.

‘දේශපාලන බලධාරීන් සහ රජ්‍ය ආයතන, ජනතාව සාධාරණ ලෙස අත්විඳින ක්‍රියා පටිපාටි හරහා තම අධිකාරිය ක්‍රියාත්මක කරන විට, ඔවුන් වඩාත් නීත්‍යානුකූල යැයි ජනයා විසින් සලකනු ලබන බවට අප්‍රමාණ සාක්ෂි තිබේ. (ලෙවෙන්තාල් 1980)