රාමසාන් 27 වන දින රාත්‍රියේ ශුද්ධ වූ මක්කමට රැස්වූ ජන ගඟ[PHOTOS]

0
39

NEWSNOW| –  ශුද්ධ වූ රාමසාන් මාසයේ වැදගත්ම රාත්‍රිය ලෙස සැලකෙන ‘ලයිලතුල් කද්ර්’ 27 වන රාත්‍රිය ඊයේ මිලියන සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් ශුද්ධ වූ මක්කා නගරයේ ශුද්ධ වූ හරාම් ෂරීෆ්හිදී සමරනු ලැබීය.

ඉතිහාසයේ කවරදාකටත් වඩා සෙනඟක් එක්රැස් වූ මෙම අවස්ථාවට කිලෝමීටර් 3 ඉක්මවන පෝලිම්වල ජනතාව රැඳී සිටින දර්ශන මාධ්‍ය හරහා නිකුත් වී තිබේ.

‘ලයිලතුල් කද්ර්’ යනු අල් කුර්ආනය පහළ වූ රාත්‍රියයි. මෙම රාත්‍රියේදී මිනිසුන් අල්ලාහ්ට යාඥා කරමින් යාඥාවන් වල නිරත වෙති. මෙම රාත්‍රියේ සිදු කරන නමස්කාරය මාස දහසකට සමාන බව ශුද්ධ වූ කුර්ආනය පවසයි.

දිව්‍ය ශක්තියෙන් ආශිර්වාද ලත් මේ රාත්‍රියේ දිග අනෙක් රාත්‍රීවලට වඩා වැඩි බව ඔවුන්ගේ විශ්වාසයි. මේ රාත්‍රියේ තත්පරයක්වත් අපතේ යැවීමට මුස්ලිම්වරු කැමති නොවන්නේ එබැවිනි.

මෙම රාත්‍රියේදී ඔවුන් නින්දෙන් වැළකී, ශුද්ධ වූ අල් කුර්ආනය පාරායනය කරමින්, යාඥාවේ යෙදී, දිව්‍ය නමස්කාරයේ ගිලී, අධ්‍යාත්මිකත්වයේ ගිලෙති. මෙම රාත්‍රියේ සිදු කරන එවැනි නමස්කාර නිසා ඔවුන් පාපයෙන් නිදහස් වන බව විශ්වාස කෙරේ.