දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්’යාලයෙන් ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

0
31

NEWSNOW | – දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්’යාලය දැනුම් දෙයි.

මේ වන විට ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ද ලාංකිකයින්ගෙන් ඉල්කීමක් කරයි.

කිසියම්, හදිසි අවස්ථාවක දී 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968 දුරකථන අංක වලින් තානාපති කාර්’යාල අමතන ලෙසත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙයි.

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස් තිබේ.

විදෙස් වාර්’තා සඳහන් කළේ, වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී ඇති බව

මේ වන විට ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති අතර ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ. පුද්ගලයින් 27,000ක් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.