NEWSNOW| – යුරෝපයට පළා යාමට සිතා, මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙක් ඊයේ(24) පස්වරුවේ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(24) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ කැනඩාවට පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35 ත් – 40 ත් අතරේ පසුවන , කොළඹ , කළුතර , බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පදිංච් රජයේ සේවකයෝ , ව්‍යාපාරිකයෝ සහ මෑතකදී විදේශ ගත වී මෙරටට පැමිණ සිටින්නන් වීම විශේෂත්වයකි .
(ටී.කේ.ජී.කපිල – කටුනායක)