NEWSNOW | – කැනඩාවේ හදිසි පාර්’ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අග්‍රාමාත්‍ය මාර්’ක් කානි පියවර ගෙන තිබේ.
ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්’ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව පාර්’ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 28 වනදා පැවැත්වීමට නියමිතය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්’ලිමේන්තුවක් ගොඩනැගීම මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණ බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව සභිකයින් 343දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් අප්‍රේල් 28 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට පාලන බලය හිමිවනු ඇත.

