නිවසේදී දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන සැලකිලිමත් වෙන්නැයි දෙමාපියන්ට උපදෙස්

0
36
Happy children Jumping on sunset background

NEWSNOW | – පසුගිය සතියේ නිවසේදීම සිදුවූ ඛේදජනක ළමා මරණ දෙකක් හේතුවෙන් වැඩිහිටියන් තම කුඩා දරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

යාපනයේ කයිට්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු සිදුවීමේදී, නිවසක හිස් සිසිල් බීම බෝතලයක දමා කර තිබූ ඩීසල් පානය කිරීමෙන් කුඩා දරුවෙකු මිය ගියේය.

පොලිසියට අනුව, සිද්ධියෙන් පසු දරුවාගේ දෙමාපියන් කුඩා දරුවා කයිට්ස් රෝහලට ගෙන ගොස් ඇත.

වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා යාපනය රෝහලට මාරු කර යවා ඇති නමුත් ඊයේ (මාර්තු 23) ඔහු මිය ගොස් තිබේ.

මියගිය දරුවා කයිට්ස් හි පදිංචිකරුවෙකු වන අවුරුද්දයි මාස 09 ක් වයසැති කුඩා දරුවෙකි. කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර, නෙළුවේදී වාතය ඉවත් කළ බැලූනයක් උගුරේ හිරවීමෙන් 11 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ.

මරණ පරීක්ෂකවරයාගේ වාර්’තාවෙන් නිගමනය කර ඇත්තේ බැලූනය උගුරේ සිරවීම නිසා එම දරුවා මිය ගොස් ඇති බවයි.

එම පිරිමි දරුවා බැලූනය සමඟ සෙල්ලම් කරමින් සිටියදී, එය පිම්බීම සහ වාතය ඉවත් කිරීම සිදු කළ අතර, අහම්බෙන් එය ගිල දමා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හුස්ම හිරවී ඇත.

පසුව ළමයාව නෙළුව රෝහලට ගෙන ගිය අතර, එහිදී වෛද්‍යවරු බැලූනය එළියට ගැනීමට සමත් වූ නමුත් දරුවා මිය ගොස් තිබුණි.

මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට දෙමාපියන් දරුවන් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලීමක් කරයි.