දේශබන්දු තෙන්නකෝන් මහතා යළි රක්ෂිත බන්ධනාගාරයට

0
29

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ අද (20) යළිත් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවය.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දින අධිකරණයට භාරවුණි.

ඒ අනුව මාතර මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.