පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

0
43

NEWSNOW | – පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිස් ඒජන්සිය හරහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

පිලීපිනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදීි අද(11) ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය ධුර කාලයේ ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය විරෝධි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 6,000කට අධික පිරිසක් ඝාතනය කළ බවට එල්ල වන චෝදනා හේතුවෙනි.

මෙම ඝාතන සිද්ධීන් පිළිබදව 2018 වසරේ සිට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්’ශන සිදු කරයි.