ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේදී විවෘත වෙයි

0
188

NEWSNOW | – අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කර තිබේ.

අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ඉන්ධන පිරවුම්හල විවෘත කළේය.

එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි.

RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇත.