මරක්කල කෝළම පොත දොරට වැඩීම අද

0
42

NEWSNOW | – ෆාවාස් සලාහුදීන් මහතා ලියූ මරක්කල කෝළම නම් කෘතිය අද (26) පස්වරු 4ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

ග්‍රන්ථ විචාරය සඳහා මහාචාර්’ය නිර්’මාල් රංජිත් දේවසිරි මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්’ය ෆරීනා රුසෛක් මහත්මිය සහභාගි වීමට නියමිතයි.

ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථානයේ ලේකම් ෆර්’සාන් එම්. හනීෆා මහතාද, ප්‍රධාන දේශනය අෂ්ෂීක් ඉර්ෂාඩ් සහබ්දීන්, ප්‍රකාශක දේශනය ඒ. රසීන් මොහිදීන් විසින් සිදු කරනු ඇත.

ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ මෙම ග්‍රන්ථය භාෂා තුනකින් ප්‍රකාශයට පත් කිරීම කැපී පෙනේ.