මහා ශිව රාත්‍රී දිනය අදයි

0
287

NEWSNOW| –  ශ්‍රී ලංකාවාසී සහ ලොව පුරා සිටින හින්දු බැතිමතුන් ඉතා භක්තියකින්  සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබේ.

මෙම දිනය ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන දිනයක් ලෙස සැලකේ.

රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයි.

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත  වීම විශේෂත්වයකි.