වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක්

0
133

NEWSNOW | – ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (පෙබරවාරි 25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අනාගත ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූවන් අතර වූහ.