2025 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

0
39

NEWSNOW| – වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වේ.

අද පස්වරු 6ට මෙම ඡන්ද විමසීම පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරබරවාරි මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව පෙබරවාරි මස 18 වන දින සිට අයවැය දෙවනවර කියවීමේ දිනය පැවති අතර අද එහි අවසන් දිනයයි.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

ඉලංකෛයි තමිල් අරසු පක්ෂය ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය මෙවර අයවැය ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තාවේ.