නල්ලතන්නිය රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය

0
41

NEWSNOW| –   නුවර එළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය නල්ලතන්නිය වාලමලේ ඉහල ප‍්‍රදේශ රක්‍ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අංක 4 බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගිනි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරනු ලබන ”බම්බි බකට්” උපාංගය සමග යොදවන ලදී.

අපදා කළමණාකරන අමාත්‍යංශය විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් අද (24) පස්වරුවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ගින්න ඇතිවු ස්ථානයට ආසන්නම ජාලාාශය වන මාඋස්සා කැළේ ජලාශයෙන් බමිබි බකටි අධාරයෙන් අවස්ථා 10 ක දි ජලය රුගෙන ගින්න ඇතිවු ස්ථානයට සාර්ථකව හෙලිම සිදුකරනු ලැබිය.