ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරට චන්දන සූරියබණ්ඩාර මහතා පත් කෙරේ

0
27

NEWSNOW| –  ජනාධිපති මාධ්‍ය උපදේශකවරයා ලෙස ජේෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර ඇත.

එසේම ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) ජාත්‍යන්තර මාධ්‍ය සහ උපාය මාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස අනුරුද්ධ ලොකුහපුආරච්චි පත් කර තිබේ.

ඔවුන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන සූරියබණ්ඩාර මහතා වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් කාර්යභාරයක් ඉටුකර ඇති අතර මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැඩි දැනුමක් ඇති විශිෂ්ඨ සන්නිවේදකයෙකු ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගෙන ඇත. ඔහු ලේඛකයෙක් ද වේ.

දේශීය ඡායාරූප මාධ්‍යකරණයට සුවිශේෂී මෙහෙවරක් කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා දශක දෙකකට ආසන්න කාලයක් රොයිටර් පුවත් සේවයේ සේවය කරමින් සිටියදී මෙරට පුවත්පත් කලාවට ඩිජිටල් ඡායාරූපකරණය හඳුන්වා දුන්නේය. ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ උපාධිධාරියෙකි.