පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානුවෙන් නිවේදනයක්

0
53

NEWSNOW | – අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානය නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව උන්වහන්සේගේ තත්ත්වය තරමක අසාධ්‍ය වුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව දැක්වේ.

එමෙන්ම දිව්‍ය පූජාව සඳහාද උන්වහන්සේගේ අශිර්වාදය ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

පාප් වහන්සේ ඊයේ (23) අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර වෛද්‍යවරු පවසා තිබුණේ රුධිර පරීක්ෂණ අනුව, උන්වහන්සේගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ මුල් අවධියේ ලක්ෂණ පෙන්නුම් කළ බවය.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි.

පසුව උන්වහන්සේගේ පෙනහලු දෙකේම නියුමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී තිබුණි.

පසුව දැරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වූ අතර ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුව තිබුණි.

එමෙන්ම ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බව විදෙස් වාර්’තා පවසයි.