ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

0
36

NEWSNOW | – ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ.

ඒ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා විසිනි.

පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය.

මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු වාර්’තා වූ බවත් එයට ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ” අපි අවදානය යොමු කරා මෑත කාලයේ සිදුවූ සිදුවීම් හරහා හමුදා සාමාජිකයින් ගොඩක් අත්අඩංගුවට පත්වුණ නිසා ඊට පිළියම් විදියට. ඇත්තටම සමාජ ප්‍රශ්නයක් මේ ඇතුළේ තියෙන්නේ. අපි ඇත්තටම පරීක්ෂණයක් මඟින් සනාථ කරගන්නවා තමුන්ගේ සම්පූර්’ණ සේවා කාලය ඉවර වීමට පෙර නීතියානුකූල නොවන ආකාරයට හමුදාවෙන් පළාගිය හමුදා නිලධාරීන් තමා සෑහෙන ප්‍රවාණතාවයක් තියෙන්නේ පාතාලය සමඟ සම්බන්ධ වෙන. එහෙම අයව අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙන්න කියලා අපි දවස් කිහිපයකට පෙර විධානයක් ලබාදුන්නා. අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ අවි පුහුණුව ලබාගෙන එළියට යනවා කියන්නේ එයාලා පාතාලය සමග සම්බන්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි. ඒ අයට එරෙහිව අපි හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට පහසුකම් සපයා දී තිබෙනවා. ඒ තීරණයට අපි ඇවිත් තියෙනවා.”