ගනේමුල්ලෙ සංජීව ඝාතනයේ සියළු CCTV දර්’ශන පොලීසියට

0
44

NEWSNOW | –  ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සියලු CCTV දර්ශන පොලීසිය වෙත ලැබී තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහි රෙජිස්ටර්වරයාට එම දර්’ශන ලබා දෙන ලෙස නියම කර තිබේ.

අද (19) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කෙරුණි.

මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලීසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

කෙසෙල්වත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපරාධය සිදුවූ විගසම ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බව පැවසීය.

අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සීසීටීවී දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.