අධික උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

0
35

NEWSNOW | – අද(19) දිනයේත් අධික උණුසුම් කාලගුණයක් පවතින නිසා ඒ පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්’තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවය.

එසේම පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ලැබෙන උපදෙස් මත පාසල් ආශ්‍රිත ක්‍රියාකාරම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

මේ දිනවල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යොමු වීම පිළිබඳව ලැබෙන සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.