ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර ඝාතනය කෙරේ

0
112

NEWSNOW | – සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමර රත්න නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඒ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමකිනි.

නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබී සොයාගත බව පොලිසිය කියයි.

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණි.

 

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ ආරක්ෂාව තර කර විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.