ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 282ක ඉලක්කයක්

0
326

NEWSNOW | – ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස් කර ගත්තේය.

ඒ අනුව තරගාවලිය පරාජයෙන් බේරීම සඳහා ඔස්ට්‍රේලියාව ලකුණු 282ක් ලබා ගත යුතු වේ.

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 101ක් රැස්කළේය.

එය ඔහුගේ එක්දින දිවියේ 5වන ශතකයයි. මෙය කුසල් විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්’තා කළ පළමු එක්දින ශතකයද වේ.

පන්දු 113කින් සමන්විත කුසල්ගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් විය.