Home දේශීය පුවත් අනතුරකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මාලිමා පාර්’ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සහෝදරයා අත්අඩංගුවට
NEWSNOW | – පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්’ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතාගේ වාහනය වෙන්නප්පුවේදී යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබේ.
ඒ අනුව එම වාහනය පැදවූ මන්ත්‍රීවරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
