දෛනික විදුලි කප්පාදුව අවසන්

0
142

NEWSNOW | – අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙයි.

ඊට හේතුව අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීම හේතුවෙනි.

බිඳවැටුණු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට යළි එක්කර තිබේ.

මේ නිසා ඉන් ජාතික පද්ධතියට ලැබෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 300කි.