වෙළඳ සහ තීරු බදු යුද්ධයෙන් කිසිවිටක ජයග්‍රාහකයින් බිහි නොවේ – චීනය

0
36

NEWSNOW | – වෙළඳ සහ තීරුබදු යුද්ධයෙන් කිසිවිටක ජයග්‍රාහකයින් බිහි නොවන බව චීනය පවසයි.

ඇමරිකාවේ ජනාධිපති Donald Trump ඊයේ (10) වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25%ක නව තීරුබදු පනවමින් විධායක නියෝගයට අත්සන් තැබීය.මාර්’තු 4 වැනිදා සිට එය ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ මෙම තත්ත්වය තුළ කිසිවකු ජයග්‍රාහයකු බිහි නොවන බවයි.ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.