NEWSNOW | – එක්සත් අරාබි රාජ්‍යයේ සිට සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා සතුන් දෙනෙකු ගෙන්වා තිබේ.
මෙලෙස රැගෙනවිත් ඇත්තේ දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03කි.එම සතුන් ඊයේ (10) දින මෙරටට ගෙන්වා ඇත.
හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතද, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතද යොමු කිරීමට නියමිත අතර ඊට පෙර මසක කාලයක් සඳහා නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
එම නිරෝධායන කාලසීමාවෙන් පසුව අදාළ සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට නියමිතය.