Home දේශීය පුවත් අලුත්වැඩියා කළ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිලිය සුරකින්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීම්
NEWSNOW | – කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කාන්තා වැසිකිළිය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත.
නව වැසිකිලිය සඳහා ඇතුල්වීමේ ගාස්තුව පුද්ගලයෙකුට රු. 50 ක් වේ.
මෙහි වැසිකිළි කාමරයක්, විවේක ස්ථානයක්, වෙනම භෝජනාගාරයක් මෙන්ම කිරි දෙන සහ ගැබිනි මව්වරුන් සඳහා වෙන්වූ කොටසකින් සමන්විත වේ.
මෙරටට පැමිණි සංචාරකයින් පවා මේ පිළිබඳව සිය සතුට පල කරයි.“මෙහි පහසුකම් හොඳින් නඩත්තු කර ඇති බව පෙනෙනවා. ඒක හරිම පිරිසිදුයි ලස්සනයි. පරිසරය අතිශයින්ම සිත් ඇදගන්නා සුළුයි. මගේ ගමනට මේක හොඳ ආරම්භයක්”
“අපි කුඩා දරුවන් සමඟ පැය කිහිපයක් දුම්රිය සඳහා වේදිකාවේ රැඳී සිටියා. මීට පෙර මෙවැනි ඉඩක් තිබුණේ නැහැ. ඉතින් මේ සුවපහසු අවකාශය හරිම පහසුවක්. “මෙම ස්ථානයට පැමිණෙන සංචාරකයින්ට අපේ රට පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ද එයින් ලබා දෙනවා,” දුම්රිය මගියෙකු එසේ පැවසීය.
“දුම්රිය මගීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම අවකාශය තමන්ගේම නිවසක් ලෙස සලකන ලෙසත් මෙම පහසුකම් නඩත්තු කිරීමට අපට උදව් කරන ලෙසත්” දුම්රිය දෙපාර්’තමේන්තු නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.