එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාකච්ඡාවක්

0
120

NEWSNOW  | –  අද(28) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

නමුත් මේ දක්වාත් අදාළ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්’ශයම හෙළි කර නොමැත.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව තරග කළ යුතු බවට සංවාදයක් මතුවීමත් සමග දෙපාර්’ශය සමග මෙම සාකච්ඡා ආරම්භ වී ඇත.

ඒ අනුව අදාළ සාකච්ඡා වටයේ තුන්වන සාකච්ඡා වටය අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙහිදී මීට පෙර සාකච්ඡාවලදී යෝජනා වූ තීරණ පිළිබඳව පක්ෂ දෙකේ නායකයින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවත් වාර්’තා වේ.