ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා අමත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක

0
57
NEWSNOW | – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ දිස්ත්‍රික්ක නියෝජනය කරන ජාතික ඒකාබද්ධතා ප්‍රවර්’ධන සහකාර නිලධාරීන් අතර හමුවක් ඊයේ දින (27) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
සියලු‍ දිස්ත්‍රික්ක නියෝජනය කරන ජාතික ඒකාබද්ධතා ප්‍රවර්’ධන සහකාර නිලධාරීන් සමග පැවති මෙම හමුවේදී, නිලධාරීගේ රාජකාරී කටයුතු විනිවිදභාවයකින්, කාර්’යක්ෂමතාවයෙන් සහ සම්බන්ධීකරණයකින් පවත්වාගෙන යෑම සහ නිලධාරීන් මුහුණපාන ගැටළු පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන ලදී.
2019 සහ 2020 යන කාලවල පැවති රජයන් මගින් අවිද්‍යාත්මකව අමත්‍යාංශ සහ රාජ්‍ය ආයතන බෙදීම, විටින් විට අමාත්‍යාංශ වෙත ආයතන පැවරීම, නැවත පවරාගැනීම සහ නිලධාරීන් මාරුකිරීම යනාදී දුර්වල පරිපාලනමය තීන්දු තීරණ ගැනීම නිසා ගුණාත්මක සේවාවක් සිදුකිරීමට නොහැකි වූ බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර තම රාජකාරී ලැයිස්තුව කෙරෙහි අවධානය යොමු කරන ලෙසට අමාත්‍යවරයාගෙන් ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.
මෙහිදී සාකච්ඡා කළ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් යෙදවීම සඳහා දීර්’ඝ කාලින රාජ්‍ය ප්‍රතිපත්තිමය වෙනසක අවශ්‍යතාවය පවතින බවත් ඒ සඳහා අදාළ ක්‍රියාමාර්’ග ගැනීමට කටයුතු කරන බවටත් අමාත්‍යවරයා ඔවුන් හමුවේ පැවසිය.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) කේ.මහේසන්, අධ්‍යක්ෂ (ජාතික ඒකාබද්ධතා) ඒ.එස්.පී වීරසූරිය යන උසස් නිලධාරීන් සහ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.