අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම්

0
154

NEWSNOW | – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව පවුල් 6785කට අයත් පුද්ගලයින් 20,300 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

ආපදාවෙන් මියයෑම් 2ක් සිදුව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා තිබේ.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය නිසා පස්කදු සහ ගල්කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් ඊයේ(20) රාත්‍රී වසා දැමුණු මහනුවර – මහියංගණය මාර්’ගය මේ වන විට විවෘත කර ඇත.