NPP මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට

0
40

NEWSNOW| –  ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය සුනිල් වටගල මහතා පවසන්නේ “නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වුණ ඒ ගමන අපි ඉස්සරහට පවත්වාගෙන යනවා.” වෙනුවෙනි.

බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කරන බව ඔහු පැවසීය.

ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි වැඩියෙන් ජනතාවට සේවය කළ හැකි අවස්ථාවක් ඉන් උදාවෙන බවත් පෙන්වා දුන්නේය.