NEWSNOW| – ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණ තිබේ.
මේ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කරයි.
මාස 15ක යුද්ධය අවසන් කරමින් සටන් විරාමයක් ඇති කරගැනීමට දෙපාර්ශ්වය මීට පෙර සූදානම් බව පසුගිය 15 වනදා නිවේදනය කළේය.
පසුව අවසන් මොහොතේ ඇති වූ ගැටළු කිහිපයක් නිසා එය ක්‍රියාත්මක වීම මේ දක්වා අවිනිෂ්චිත තත්ත්වයක් මතුව ඇත.
මේ අතර ඊශ්‍රායලයේ ආරක්ෂක මණ්ඩලය අද (17) පස්වරුවේ රැස්වීමට නියමිතය.
එහිදී තම රජය දිගු කලක් බලා සිටි ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.