NEWSNOW | – ඊශ්‍රායලයේ අගමැති නෙතන්යාහු පවසන්නේ සටන් විරාම ගිවිසුම අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය රැස් නොවන බවයි.
නෙතන්යාහුගේ කාර්’යාලය හමාස් සංවිධානයට ‘අවසාන මොහොතේ අර්’බුදයක්’ ඇති කිරීම සම්බන්ධයෙන් දොස් පවරයි; නමුත් පලස්තීන කණ්ඩායම ප්‍රකාශ කරන්නේ තමන් නිවේදනය කළ ගිවිසුමට කැපවී සිටින බවයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ගාසා සටන් විරාම ගිවිසුම අනුමත කිරීම සඳහා තම කැබිනට් මණ්ඩලය නියමිත පරිදි රැස් නොවන බවයි. හමාස් සංවිධානය “අවසාන මොහොතේ අර්’බුදයක්” ඇති කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පවරා තිබේ.
ගිවිසුම අනුමත කිරීම සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය බ්‍රහස්පතින්දා උදෑසන රැස්වීමට නියමිතව තිබූ අතර, සටන් විරාමය ඉරිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
“හමාස් සංවිධානය ගිවිසුමේ සියලුම අංග පිළිගෙන ඇති බවට මැදිහත්කරුවන් විසින් ඊශ්‍රායලයට දැනුම් දෙන තුරු ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නැත.”
ඊශ්‍රායල නිවේදනයෙන් පසුව, ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු වන ඉසාත් අල්-රිෂෙක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (15) මැදිහත්කරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම ගිවිසුමට පලස්තීන කණ්ඩායම සූදානමින් සිටින බවයි.