Strength සංවිධානයෙන් රත්නපුර කිරිඇල්ල කලටුවාව කරදන කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට පොත් පත්

0
56

NEWSNOW | – Strength සංවිධානය තුන්වන වතාවටත් දුෂ්කර පාසල් ළමුන් සඳහා වසරකට අවශ්‍ය පාසල් උපකරණ කට්ටළ ප්‍රධානය කිරීමේ වැඩසටහන පසුගිය (12) වන දා රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලටුවාව කරදන කණිෂ්ඨ විද්‍යාලයේදී සිදුකරනු ලැබීය.

සෑම වසරකම දුෂ්කරප්‍රදේශයට පිහිටි පාසලක් තෝරාගෙන එහි ළමුන් සඳහා වසරකට අවශ්‍ය කරන සියලුම පාසල් උපකරණ ලබාදීම නොකඩවා වසර තුනක් තිස්සේ මෙම සංවිධානය සිදුකරනු ලබයි.

ස්වේච්ඡා සංවිධානයක් වන මෙම සමූහයේ සියලු ආගමික අය සිටී. මිතුරු මිතුරියන් වන මොවුන් විසින් මේ සද්කාර්’ කරගෙන එනු ලබයි. මෙහි ජාතික කැඳවුම්කරු ලෙස එන්.එම්. නස්රාන් මහතා කටයුතු කරනු ලබන අතර සභාපතිවරයා ලෙස ආදිල් අහමඩ් මහතාත් ලේකම්වරිය ලෙස ඉන්දීවරී අලුත්ජගේ මෙනෙවියත් කටයුත කරයි.

මෙම කටයුත්ත සඳහා දිවයිනේ විවිධ ස්ථානවල සිටින මොවුන්ගේ මිතුරු මිතුරියන් අනුග්‍රාහකත්වය දක්වා ඇත.