නිට්ටඹුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකින් ලක්ෂ 46ක මුදලක් වංචා කළ එහි කළමණාකරු රිමාන්ඩ්

0
77

NEWSNOW | – නිට්ටඹුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රන් භාණ්ඩ අලෙවි සැලක් වන New Suisse Gold house හි සිදුවූ රුපියල් ලක්ෂ 46ක මුදල් කොල්ලය සම්බන්ධයෙන් එම වෙළඳ සැලේ හිටපු කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ පසුගිය 08 වනදා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

එහිදී ඔහු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මෙම සැකකාර කළමනාකරු වසර 20ක් වැනි කාලයක් එහි සේවය කර ඇති අතර මෙම කාලය පුරාවට අලෙවි කළ රන් භාණ්ඩ වලින් මෙලෙස මුදල් වංචා කර තිබේ.

රන් භාණ්ඩ අලෙවිසැලේ හිමිකරුට යම් සැකයක් මතුවී සොයා බැලීමේදී ව්‍යාර බිල්පත් සහ විසිටින් කාඩ්පත් සොයා ගෙන ඇත.

පසුව ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණ පවත්වා පල්ලේවෙල පොලිස් වසමට අයත් මෙම සැකකාර හිටපු කලමණාකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අලෙවි සැලේ ඇතැම් රන් භාණ්ඩ ගෙවීමේ පදනම යටතේ අලෙවි කරන අතර ගනුදෙනු කරුවන්ගෙන් කොටස් වශයෙන් මුදල් ලබාගෙන තිබේ. නමුත් වෙළඳසැලට ගනුදෙනු කරුවන්ගෙන් මුදල් ගෙවූ රිසිට් පත් සඟවා එම මුදල් ඔහු වංචා කර ඇති බව හෙළිව ඇත.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව මින් ඉදිරියට නිට්ටඹුව New Suisse Gold house හි කළමනාකාර ධූරයේ සිටි ඒම්.ජේ.එම්. ෆාසිම් යන අය මින් ඉදිරියට එහි සේවකයෙකු නොවන බව පාරිභෝගික ජනතාව වෙත දැනුම් දෙයි.