NEWSNOW| -ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වනදා චීනය බලා පිටත්ව යාමට නියමිතය.
මෙම චීන සංචාරයේ දී ක්ෂේත්‍ර රැසකට අදාළව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා එළැඹෙන 14 වනදා සිට 17වනදා දක්වා එරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා චීන ජනාධිපති සමග අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් ද හමුවීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.