රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් සාධාරණය ඉල්ලා විරෝධතාවයක්

0
160

NEWSNOW| –  මුලතිව් ගුවන් හමුදා කඳවුරේ දැනට රදවා සිටින කුඩා ළමුන් ඇතුළු මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් වහාම ආරක්ෂිත ස්ථානයකට ඉවත් කර නැවත මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස රජයට බලකරමින් මහජන විරෝධතාවක් අද පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 10.30 ට ජනාධිපති ලේකම් කාර්යාලය (ගාලුමුවදොර, කොළඹ 01) ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වේ.

මෙරට දෙමළ ප්‍රජාව විසින් සංවිධානය කරන ලද විරෝධතාවයෙන් අනතුරුව එම ඉල්ලීම ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.