ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන තහනමක්

0
140

NEWSNOW| – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ භාවිත කිරීම ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා පවසන්නේ, සන්නිවේදන උපකරණ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම  නතර කිරීම මෙහි අරමුණ බවය.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මෙම මස අවසානය වන විට හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේය.