2025 නව වසරේ පළමුවරට පාර්’ලිමේන්තු රැස්වීම අද

0
42

NEWSNOW | –  2025 නව වසරේ පළමුවරට පාර්’ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ටය.

2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්’තාව සම්බන්ධයෙන් වූ සභාව කල් තැබීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්’ලිමේන්තු මහලේකම් කාර්’යාලය පවසයි.

මේ සතියේ පාර්’ලිමේන්තුව ලබන සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේ දී ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ඇතුළු පනත් කිහිපයක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙනු ඇත.