ලොව වයස්ගතම පුද්ගලයා ලෙස 116 හැවිරිදි පුද්ගලයා නම් කිරීමට යයි

0
38

NEWSNOW| –  මීට පෙර කඳු නගින්නෙකු වූ 116 හැවිරිදි ජපන් කාන්තාවක් ගිනස් ලෝක වාර්තා මගින් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කිරීමට නියමිත බව වාර්’තා වේ.

ඒ මීට පෙර සිටි ලොව වයස්ගතම 117 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කාන්තාවකගේ මරණයෙන් පසුවය. .

1908 මැයි 23 වන දින උපත ලැබූ Tomiko Itooka බටහිර ජපානයේ Ashiya නගරයේ ජීවත් වන බව එක්සත් ජනපදය පදනම් කරගත් Gerontology පර්යේෂණ කණ්ඩායම පවසයි.

පසුගිය සඳුදා ස්පාඤ්ඤ සාත්තු නිවාසයක දී Maria Branyas Morera මිය ගිය පසු ඇය ලොව වයස්ගතම පුද්ගලයා යන නාමයෙන් ඉවත් විය.

තිදරු මවක් වන ඉටූකා උපත ලැබුවේ පළමු වරට අයිෆල් කුළුණෙන් දිගු දුර ගුවන්විදුලි පණිවිඩයක් යවන ලද වසරේ සහ රයිට් සහෝදරයන් යුරෝපයේ සහ ඇමරිකාවේ ඔවුන්ගේ පළමු පොදු ගුවන් ගමන් කළ වසරේ ය.

ඇගේ 70 ගණන්වලදී, ඉටූකා බොහෝ විට කඳු නැගීමේ ගිය අතර ජපානයේ මීටර් 3,067 ක ඔන්ටේක් කන්ද දෙවරක් තරණය කළාය.  කඳු නැගීමේදී සපත්තු පැළඳ කන්ද තරණය කිරීමෙන් ඇගේ මාර්’ගෝපදේශකයා පවා මවිතයට පත් කළ බව පර්’යේෂණ කණ්ඩායම පවසයි.

වයස අවුරුදු 100 දී ඇය ආධාරකයක් භාවිතා නොකර ජපානයේ අෂියා සිද්ධස්ථානයේ දිගු ගල් පඩිපෙළ දිගේ ඇවිද ගිය බවද එම කණ්ඩායම වැඩිදුරටත් පැවසීය.