නීතිවිරෝධීව රත්‍රං මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

0
159

NEWSNOW| –   නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත ගුවන්තොටුපොළ පොලීසිය විසින් ඊයේ (04) රාත්‍රීයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අප ගුවන් තොටුපල වාර්’තාකරු පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රන් මාල 04ක්, පෙන්ඩන්ට් 01ක්, අත් පලඳනා 02ක්, රන් වළලු 01ක් සහ රන් මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.