Home TOP වසර 18කට පසු නවසීලන්තයේදී ශ්‍රී ලංකාවට විස්සයි 20 ජයක්
NEWSNOW | – සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් තෙවන හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් විය.
ඒ නෙල්සන් ක්‍රීඩාංගනයේදීය.
මෙහිදී පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 219ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 211ක් පමණි.
ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් නවසීලන්තය ජය ගත්තේය.
කෙසේ නමුත් මෙම ජයත් සමග වසර 18කට පසු නවසීලන්තයේදී නවසීලන්තයට එරෙහිව විස්සයි 20 ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.
අවසන් වරට ඔවුන් නවසීලන්තයේදී විස්සයි 20 තරග ජයක් ලබා සිටියේ 2006 වසරේදීය.
එමෙන්ම මෙය නවසීලන්තයේ දී ලැබූ දෙවැනි විස්සයි 20 ජය ලෙසින්ද වාර්තා අතරට එක්විය.